පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට තාවකාලිකව අත් හිටුවයි

පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර කටයුතු කළේ ය.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධව විමර්ශනය කළ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට අද පාර්ලිමේන්තුව කැඳවා තිබුණි.

විපක්ෂය විසින් දිගින් දිගටම විමර්ශන වාර්තාව සභාගත කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ අනුව බැදුම්කර විමර්ශනය සහහ් කෝප් කමිටුවේ දී ගත් පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය. ඉන් අනතුරුව විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තු කල්තැබීමට කටයුතු කළේ ය.

Exit mobile version