වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුරයට ජල පද්ධති

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම ඊයේ (10) අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ‍්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.

තිබ්බටුවාව ශ‍්‍රී විජය විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළ අතර අනතුරුව තලාව, පහළතලාව, ගල්නෑව, තිරප්පනේ යන ප‍්‍රදේශවල ස්ථාපිත කර තිබූ ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති දහයක් ද දුරස්ථ පාලන තාක්ෂණය උපයෝගී කරගනිමින් විවෘත කරනු ලැබීය.

වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් මෙහිදී සංවිධානය කර තිබුණි.

Exit mobile version