ඩොලරයේ විකුණුම් මිල රු. 189 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක් ලෙසින් සටහන් විය.

 

එහි විකුණුම් මිල රු. 189.87 ක් ලෙසින් සටහන් වු අතර, ඩොලරයක ගැණුම් මිල රු. 185 සීමාව සහ විකුණුම් මිල රු. 189 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ද මෙය වෙයි.

මේ අතර අද එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 186.93 ක් ලෙසයි.

Exit mobile version