දිස්ත්‍රික්ක කීපයක උණුසුම වැඩියි

දිවයිනේ දිස්ත්‍රි‍ක්ක කිහිපයක උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

වයඹ පළාත සහ මන්නාරම, ගම්පහ මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථාවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම නිසා විජලනය සහ ලවණ ඉවත්විම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සියද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version