කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයින් 252ක් ‌රෝහල් තුළ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනා ගැනුණු රෝගීන්ගෙන් දෙවැනි රෝගියාත් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

 

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස මේ වනවිට 102ක්.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙ‌නෙකු සහ විදේශිකයින් 03 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක රඳවා සිටි පුද්ගලයන් තුන්දහසකට අධික පිරිස අතරින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 201දෙනෙකුගෙන් යුතු දෙවැනි කණ්ඩායම අද සිය නිවෙස් වෙත පිටව ගියේය.

Exit mobile version