දානය හිඟ විහාරස්ථාන ඇත්නම් වහාම දැනුවත් කරන්න

පවතින තත්ත්වය හමුවේ දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති හා අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා වහාම දැනුවත් කරන ලෙස‍ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

 

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇතිව තිබෙන ඇඳිරි නීතිය තත්ත්වය හමුවේ පහසුකම් සැලසීමට සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සුදානම්ව සිටියි.

එවැනි අග හිඟකම් ඇති විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය සාසනරක්ෂක මණ්ඩල ලේඛ්‍යාධිකාරී ස්වාමින් වහන්සේලා මඟින් දැනුම් දීමට හැකියාව පවතියි.

මේ බව නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා සාසනරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛනාධිකාරි ගෝනදූවේ ‍ගුණානන්ද හිමියන් දන්වා සිටියි.

වැඩිදුර තොරතුරු 

0714 422 006
0382 232 868
0714 394 440
0372 267 225 

Exit mobile version