චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමුවන්නැයි රජයෙන් ඉල්ලීමක්

ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

 

කොරෝනා වෛරසය වැලදුනු බවට අද දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙස උපදෙස් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version