චීනයේ හුබෙයි පළාතේ දේශීය ගුවන් ගමන් යළි අරඹයි

චීනයේ හුබෙයි පළාතේ දේශීය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.

 

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ එම පළාත වසා දැමීමෙන් මාස දෙකකට පමණ පසුවයි.

එරට සිවිල් ගුවන් සේවා බලධාරින් සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේදි පළමු දේශීය ගුවන් යානය හුබෙයි වෙත පැමිණිමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් හුබෙයි පළාතේ වූහාන් නගරයේ පිහිටි ටියැන්හේ ගුවන් තොටුපොළ ලබන 8 වැනිදා විවෘත කිරිමට එරට බලධාරින් තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය ආරම්භ වූ චිනයේ හුබෙයිහී වූහාන් නගරය මාස දෙකකට පසුව අර්ධ වශයෙන් ඊයේ විවෘත කෙරිණි.

Exit mobile version