ශ්‍රියානි විජේවික්‍රම රාජ්‍ය අමාත්‍යවරිය රිය අනතුරක් නිසා රෝහල් ගත කරයි

රාජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේදී අද අළුයම 03.00ට පමණ කඩුගන්නාව හේනාවල දී ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියේ නියෝජ්‍ය අමාත්‍යවරියගේ ආරක්ෂක පොලිස් නිලධරයා සහ රියදුරා වන අතර ඔවුන් ද තුවාල සිදු වී නොමැති බව පොලිසිය පවසයි.

Exit mobile version