ඉන්දියාවෙන් කොරෝනා මරණ 72ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 72 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,543ක් ලෙසයි.

 

මරණ 30ක් ද සමඟ රුසියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 3,548 කට අධිකයි.

නව කොරෝනාවෛරසය මැඩලීම සඳහා නිර්දේශ කර ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝණය කරන පුද්ගලයන් වසර හතක කාලයකට බන්ධනාගාරගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියාවේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබේ.

දැඩි නීති සහ සංශෝධන ඇතුළත් එම ක්‍රියාමාර්ගය ඉතා කඩිනමින් ගනු ලැබ තිබෙන්නේ, වෛරසය පැතිරයාම වළක්වා ගැනීම සඳහා මොස්කව් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සීමාවන් (lockdowns) රට පුරා විවිධ පළාත්වල බල පැවැත්වෙන අතරවාරයේයි.

Exit mobile version