දැනට ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනක පැතිරී දහස් ගණන් මිනිස් ජීවිත අහිමි වීමට බලපා ඇති මාරාන්තික කොරෝනා වසංගතය, අප රට තුලද සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.
මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම, රෝගීන් සහ රෝග වාහකයින් හඳුනාගැනීම සඳහා අවැසි පරීක්‍ෂා සිදුකිරීම සහ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම ඇතුළු දැඩි පියවර කිහිපයක්ම රජය විසින් ගනු ලැබ ඇත.
රජය මඟින් ගනු ලැබූ මුල් පියවර කිහිපයත් සමඟම, අනෙකුත් ක්‍රියාමාර්ග සමඟින් මුස්ලිම් නායකයින් විසින් ඒකමතිකව ගනු ලැබූ එක් තීරණයක් නම්, පල්ලි තුල යාඥා මෙහෙයන් හෝ අන් කවර ජන රාශියක් හෝ පැවැත්වීම තහනම් කිරීමයි.
රෝගීන් වාර්තා වූ ඇතැම් ප්‍රදේශ දැනටමත් සම්පූර්ණයෙන් වසා දමා (Locked Down) ඇත.
මීට හේතු වන්නේ, රෝගීන්ගේ සහ / හෝ රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අයවළුන්ගේ සමීපයට යන අනෙකුත් පුද්ගලයින්ටද රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අසුරාලීමය.
එබැවින්, මේ වන විට එවන් වසා දමන ලද ප්‍රදේශ වල වසන අපගේ සියලුම පුරවැසියන්ගෙන් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත්, රජයෙන් පනවන ලද නීති සහ උපදෙස් එයාකාරයෙන්ම අනුගමනය කරන ලෙසත්, ඉල්ලා සිටිමු.
වසංගතය පැතිරීම පාලනය කිරීම උදෙසා පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රජාවගෙන්, ප්‍රාදේශීය නායකයින්ගෙන් සහ අනෙකුත් නායකයින්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.
මීට පෙර සඳහන් කළ පරිදි, සිකුරාදා ජුම්මා යාඥාවද ඇතුළුව පල්ලිවල සිදුකරන යාඥා කටයුතු හෝ වෙනත් ජන රාශීන් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.
ඉහත සඳහන් නීතිය කඩ කරමින් කිසියම් හෝ පල්ලියක පැවැත්වෙන ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දිය යුතුය.
2020 මාර්තු මස 10 වෙනිදායින් පසු යම් විදේශ රටක සිට ලංකාවට පැමිණි පුද්ගලයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලඟම ඇති පොලිස් ස්ථානය වෙත තමාගේ විස්තර ලබාදී ලියාපදිංචි විය යුතුය.
විදේශ රටක සිට පැමිණි පුද්ගලයින් සමඟ කිසිදු සම්බන්ධයක් නොපැවැත්විය යුතු අතර, ඔබ එවන් අයෙකු හා කිසියම් හෝ සම්බන්ධයක් පැවැත්වූයේ නම් ඔබ ස්වයං නිරෝධායනයට ලක්විය යුතුය. ස්වයං නිරෝධායනයට ලක්වන්නේ නම්, නිවැසියන් සමඟ හෝ කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතුය.
යම් හෙයකින් ස්වයං නිරෝධායනය සඳහා අවැසි පහසුකම් ඔබ සතු නොවේ නම්, වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතුය.
යම් කිසි පුද්ගලයෙක් Covid-19 ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම්, ඔහු / ඇය ලංගම ඇති රජයේ රෝහල වෙත රැගෙන යා යුතු වේ.
රෝහල් කාර්යමණ්ඩලයට නිසි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන ලෙස, රෝගියා රැගෙන යාමට පෙර අදාළ රෝහල දැනුවත් කරන්න. පුද්ගලික රෝහලකට හෝ වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත රෝගියා රැගෙන නොයා යුතුය.
රජය සහ නිසි බලධාරීන් විසින් පනවන ලද ඇඳිරි නීති සහ අනෙකුත් සියලුම නීති / රෙගුලාසි වලට අනුගත විය යුතුය.
ඉහත සඳහන් නීති රීතිවලට යටත් නොවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගනු ලබන අතර, අප ආගමේ ඉගැන්වීම වන්නේද, රටේ නීතිරීතිවලට යටත්ව ජීවත්වීම සහ එම නීතිරීතිවලට ගරු කිරීමයි.
ඉහත ක්‍රියාමාර්ග වලට පටහැනිව කටයුතු කිරීම වයිරසයේ ව්‍යාප්තියට හේතු වේ.
අප ආගම පවසනු ලබන්නේ, සෑම මුස්ලිම්වරයෙකුගේම හදවතේ සමාජයේ යහපත සඳහා අන් සියල්ලටම වඩා වැඩි වටිනාකමක් පැවතිය යුතු බවයි.
එබැවින්, ඉහත උපදෙස් සහ රජයේ නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම මුස්ලිම්වරයෙක්, ශුද්ධ වූ කුරාණයේ සහ අති උතුම් නබි තුමාගේ ඉගැන්වීම ප්‍රකාරව තමා විසින් ඉටු කළ යුතු වගකීම් පහර හරින්නෙක් වනු ඇත.
සියලු මිනිසුන් කෙරෙහි අනුකම්පා කොට මෙම වසංගත උවදුරෙන් අප රැකගන්නා මෙන් ශුද්ධ වූ අල්ලා දෙවියන් වෙත යාඥා කරමු.
All Ceylon Jamiyathul Ulama (ACJU)
Supreme Command of the Sufi Thariqas (SCOST-SL)
Sri Lanka Muslim Council
National Shoora Council
Young Mens Muslim Association
Colombo District Mosque Federation
Sri Lanka Jamath e-Islam
Jamathul Salamah
Collective of Arabic Colleges- Sri Lanka
Zam Zam Foundation
All Ceylon Thowheed Jamath
All Ceylon Muslim League – Youth Front
Conference of Sri Lankan Malays
Memon Association of Sri Lanka
Anjuman e- Saifi ( Sri Lanka) Trust- The organization administering the affairs of The Dawoodi Bohra Muslim Community of Sri Lanka
Sri Lanka Media Forum
Markez Islamic Centre