හිස් ප්ලාස්ටික් බෝතල් 35000ක් ශ්‍රීපාදස්ථානයෙන් හමුවෙයි

අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබ්. හේමාන්ත මහතා පවසන්නේ ශ්‍රීපාද වන්දනා සමය අාරම්භ වී මාසයක පමණ කාලයක් ගත වුවද, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ අාපන ශාලාවලින් හිස් ප්ලාස්ටික් බෝතල් 35000ක් පරිසරයට මුදාහැර තිබෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

මෙවර වන්දනා වාරය තුළ පොලිතින් භාවිතය සියයට 20කින් පමණ පහළ බැස තිබෙනවා. ශ්‍රීපාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල්වලින් මුදාහැර තිබු හිස් වතුර බෝතල් මේ වන විට අපගේ සේවකයන් විසින් එක්රැස් කර උපකාර්යාලයේ ගබඩාවේ ගබඩාකර තිබෙන බවයි.

 

Exit mobile version