ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ 82000 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 1,430,141ක් බව වාර්තා ‌වේ .

 

කොවිඩ් නයින්ටීන් ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙන් වන අතර ලොව පුරා 82,119ක පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් තිබේ.

මේ අතර ප්‍රංශයෙන් ඊයේ දිනයේ මරණ 833ක් වාර්තා වී තිබුණි.

මේ අනුව ප්‍රංශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 10,328ක් දක්වා ඉහළ ගියේය.

යුරෝපය පුරා ජීවිත 50,000ක් මෙම වසංගතයට ගොදුරු වී තිබේ.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් මරණයට පත් වූ රට ලෙස දැනට වාර්තා වන්නේ ඉතාලියයි.

වෛරසයෙන්  වැඩිම බලපෑමකට ලක්වූ දෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි.

Exit mobile version