අද කාලගුණය ‌මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු  පළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී‍යේ ස්ථාන කීපයක වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ‍ඇති වෙයි.

 

මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං ‍හා අකුණුවලින් අනතුරු අවම කර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

මේ අතර අද (10) 12.11 ට කුඹුක්වැව, මැදගම, ඉපලෝගම, එප්පාවල, රොටවැව පඟුරන සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Exit mobile version