කොරෝනා නිසා දරුණු ආර්ථීක අවපාතයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක්

COVID-19 වෛරසයේ බලපෑමෙන් මෙම වසරේ දරුණු ආර්ථික අවපාතයකට මුහුණදීමට සිදු වනු ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

 

එහි ප්‍රධානී ක්‍රිස්ටාලිනා ජෝජීවා පැවසුවේ 1930 වසරේ සිදුවූ මහා ආර්ථික කඩා වැටීමට පසුව සිදුවන දරුණුතම අවපාතය මෙය වනු ඇති බවයි.

2021 වසරේදී වුව ද එම කඩා වැටීම පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් නොවනු ඇති බව එම අරමුදල පුරෝකථනය කර තිබේ.

අයි.එම්.එෆ් ප්‍රධානියා පෙන්වා දෙන්නේ රටවල් රැසක් සිය කටයුතු අක්‍රීය කිරීම හේතුවෙන් බොහෝ සමාගම් හා ඒවායේ සේවකයින්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

Exit mobile version