Home දේශීය පුවත් COVID 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළට

COVID 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළට

0
COVID 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි.

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර් ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම- ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී ( ThichVien Ly) ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000ක මුදලක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මුදල වල්පොල පියරතන හිමියෝ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත භාර දී තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙයි.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානූකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version