සිංගප්පූරුවේ රොබෝ හංසයන්

සිංගප්පූරුවේ බීමට ජලය ලබා ගන්නා ජලාශ වල ජලයේ ගුණාත්වය පිරික්සීම සඳහා රොබෝ හංසයන් යොදා ගෙන ඇති බව වාර්තා වෙයි.

‘ස්වෝන් ව්‍යාපෘතිය’ ස්මාර්ට් ජලය ඇගයුම් ජාලයේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක කරන අතර නගර බද ප්‍රදේශයට ජලය සපයන ජලාශ වලට මෙවන් රොබෝ පක්ෂීන් පස් දෙනකු මුදා හැර ඇත. ‍මෙම රොබෝ හංසයන් සැබෑ හංසයින් ලෙස නිර්මාණය තර ඇති අතර දිය මත පිහිනමින් තමන්ට අදාල රාජකාරිය සඳහා දත්ත රැස් කරයි.

එය ජනතාව දකින්නේ පිහිනමින් සිටින සැබෑ හංසයින් ලෙසය. එම නිසා පරිසරයේ අලංකාරයට කිසිදු හානියක් සිදු නොවන බව සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාල‍යේ මහාචාර්ය මන්දාර් චිත්‍රී පවසයි.

Exit mobile version