Home දේශීය පුවත් 2016ට වඩා 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල වර්ධනයක්

2016ට වඩා 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල වර්ධනයක්

0
2016ට වඩා 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල වර්ධනයක්

2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17% ක වර්ධනයක් 2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී සිදුවී ඇති බවත්, 2017 වසරේදී රුපියල් මිලියන 98.2 ක දඩ මුදලක්ද පාරිභොගික අධිකාරිය විසින් අයකරගෙන ඇති අතර එය 2016 වසරට වඩා 8.3% ක වැඩිවීමක් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එසේම පාරිභෝගික නීති වලට පටහැනිව කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව වෙළඳපළ වැටලීම් 25,708ක් හා නඩු පැවරීම් 25 082 ක් සිදුකර ඇති අතර එම වැටලීම් අතර වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වූ ලෙමන් ටී ඇසුරුම් 31,000 ක්ද, තොරතුරු මකා දැමූ බල්බ 31,000 ක්ද මිනිස් පරිභෝජනයට නුසුදුසු මිලියන 15 ක් වටිනා සුදුළුණු තොගයක්ද, ලක්ෂ 10 බැගින් වටිනා කරවල හා එළවළු තෙල් ද අත්අඩංගුවට ගත් බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version