සිම්බාබ්වේ විපක්ෂ නායකයෙකු වු රෝයි බෙනට් අනතුරකින් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයේදී 60 වන වියේ පසු වු විපක්ෂ නායකයෙකු වන රෝයි බෙනට් ගමන් ගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානය ඊයේ අනතුරට ලක් වීමෙන් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යානය අනතුරට ලක් වන විට ඔහුගේ බිරිඳ ඇතුළු 4 දෙනෙකු යානයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව නිව් මෙක්සිකෝ පොලීසිය පවසයි.

සිම්බාබ්වේ විපක්ෂ නායකයෙකු ලෙස ප්‍රබල භූමිකාවක නිරත වූ රෝයි බෙනට්, සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේගේ පාලනය තුළ වසර ගණනාවක් සිරගතව සිටියේ ය.

සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කළ නායකයෙකු ලෙස ඔහු එරට දේශපාලන ඉතිහාසයේ වාර්තා අතරට එක්වේ.

Exit mobile version