බංග්ලාදේශ – සිම්බාබ්වේ තරඟය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පස්වන එක්දින තරඟය අද (23) පැවැත්වෙයි.

ඒ අනුව 10.30 සිට සජීවීව තරඟය නැරඹීමට සියත ටීවී හා එක්වන්න.

මේ වන විට තරඟ හතරක් පැවැත්වුණ අතර පළමු තරඟය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් බංග්ලාදේශ කණ්ඩායම ජය වාර්තා කළ අතර, දෙවන තරඟය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් සිම්බාබ්වේ කණ්ඩායමට ජය හිමි විය. තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර පැවැත්වුණු අතර ඉන් ජය හිමි වුයේ බංග්ලාදේශය කණ්ඩායමටයි. සිව්වන තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණි. ඉන් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ශ්‍රී ලංකාව දැනට සහභාගී වූ තරඟ 03න් තරඟ දෙකක් පරාජයට පත් වු අතර ඊයේ (21) දින පැවැති සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරින් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

Exit mobile version