ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 54 ඉක්මවා තිබේ.

 

අද වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 54 ලක්ෂ 3,979ක් ලෙස දැක්වෙන වන බව විදෙස් වාර්තා පවසයි.

වැඩිම ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17 ලක්ෂයකට ආසන්න වෙයි.

මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව තුන් ලක්ෂ 43,975ක් වෙයි.

Exit mobile version