Home දේශීය පුවත් ඉරාජ්ගෙන් මන්ත්‍රී හරීන්ට එන්තරවාසියක්

ඉරාජ්ගෙන් මන්ත්‍රී හරීන්ට එන්තරවාසියක්

0
ඉරාජ්ගෙන් මන්ත්‍රී හරීන්ට එන්තරවාසියක්

සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතා සිය නීතිඥවරයා හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙත එන්තරවාසියන් යවා ඇත.

 

ඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයා වන ප්‍රබුද්ධික තිසේරා මහතා නිකුත් කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ , හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 21 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහ සාමාජ ජාලා යොදා ගනිමින් සිය සේවාදායකයා වන සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතාට අපහාස වන ආකරයට විවිධ ප්‍රකාශ සිදු කර ඇතිබවයි.

ඉරාජ් වීරරත්න මහතා එම ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කරන බවද එහි සඳහන් කර තිබේ.

දින 14ක් ඇතුලත ඉරාජ් වීරරත්න මහතාට සිදු කර ඇති අපහාස සම්බන්ධයෙන් සමාව ගත යුතු බවද එම එන්තරවාසිය හරහා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇත.

එලෙස ලිඛිතව සමාව නොගතහෙත් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එරේහිව ඉදිරියෙදි වන්දි ඉල්ලා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවද සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයා දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version