දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

ලක්ෂපාන, වලමලේවත්ත ප්‍රදේශයේ දී තුවාල ලබා සිටියදී සොයාගැනුණු දුර්ලභ ගණයේ “කළු කොටියා” මිය ගොස් තිබේ.

 

උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටි එම සත්ත්වයා අද(29) උදෑසන මිය ගොස් ඇත.

දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබූ උගුලකට හසු වීමෙන් තුවාල ලබා සිටි මෙම දුර්ලභ ගණයේ කළු කොටියා පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කර මුදාගෙන ප්‍රතිකාර සදහා ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

Exit mobile version