බංග්ලාදේශයට ලකුණු 91ක ජයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පස්වන එක්දින තරඟය ඊයේ (23) පැවැත්වුණි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ක්‍රීඩකයින් 9 දෙනෙකු දැවී ලකුණු 216ක් රැස් කර ගැනීමට සමත් විය. 217ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 36.3කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 76ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 51ක වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රසා පන්දු 59කදී ලකුණු 39ක් රැස් කළේය.

තරඟයේ වීරයා සම්මානය තමීම් ඉක්බාල් හිමිකර ගත්තේය.

Exit mobile version