කළු කොටියාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

නල්ලතන්නිය වාලමලෙයිවත්ත ප්‍රදේශයේ දි තුවාල ලබා සිටි දුර්ලභ ඝණයේ කළු කොටියා මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාඥයින් පිරිසකට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසට දැනුම් දී ඇති බවයි.

අදාළ කළු කොටියාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වුයේ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වරදින් ද යන්න පිළිබඳව සොයාබැලීම එම පරික්ෂණයේ අරමුණ බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version