Home දේශීය පුවත් හම්බන්තොට වරායේ සේවකයන්ට වන්දි

හම්බන්තොට වරායේ සේවකයන්ට වන්දි

0
හම්බන්තොට වරායේ සේවකයන්ට වන්දි

හම්බන්තොට වරායේ සේවය කළ පුද්ගලයන්ට වන්දි ලෙස රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ආණ්ඩුව තීරණය කළ බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරායේ සේවය අහිමි වූ ඔවුන්ට කම්කරු නීතියට අනුව වන්දි ලබාදීමට තීරණය කෙළේ නම් රුපියල් ලක්ෂයක පමණ සුළු මුදලක් පමණක් ඔවුන්ට හිමි වන්නේ යැයි ද, නීතියට වඩා මානුෂීය වශයෙන් සිතා ඔවුන්ට සාධාරණයක් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවෙහි සමාගම් දෙකක් වෙත පැවැරීමෙන් පසුව පුරප්පාඩුව පවතින රැකියා 135 ක් රැකියාව අහිමි වූ පුද්ගලයන්ගෙන් බඳවා ගැනීමට කටයුතු කරනවා.

දැනට වන්දි මුදල් ලබා ගත් පුද්ගලයන්ට පවා රුපියල් මිලියනයක වන්දි මුදල ලබාදීම සිදු කරන්නේ යැයි ද, වරායේ පුරප්පාඩු රැකියාවලට බැඳෙන්නට කැමැත්තක් දක්වන අයට ලිඛිතව දැනුම් දිය හැකි අතර දැනටමත් 50ක් පමණ ලිඛිතව දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version