ඇඳිරි නීතිය කඩ කළ 1091 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1091 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ ඊයේ රාත්‍රි 10 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ කෙළ මෙහෙයුම්වලදීයි.

එම කාල සීමාව තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 374කි.

පසුගිය මාර්තු 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 71,133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , වාහන 20,230 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් විසි හය දහස් තිස් හත් දෙනෙකුට දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය සඳහන් කළා.

දඬුවම් නියම කළ සංඛ්‍යාව 10,905 කි.

Exit mobile version