Home දේශීය පුවත් ගාල්ලේ ආපදාවට පත් කුඩා තේවතු හිමියන්ට රු. කෝටි 17ක ආධාර

ගාල්ලේ ආපදාවට පත් කුඩා තේවතු හිමියන්ට රු. කෝටි 17ක ආධාර

0
ගාල්ලේ ආපදාවට පත් කුඩා තේවතු හිමියන්ට රු. කෝටි 17ක ආධාර

ගංවතුරින් විපතට පත්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් වෙත රුපියල් කෝටි 17ක ආධාර පිරිනමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

සැප්තැම්බර් 09 දින ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආධාර ලබාදීම සිදු කෙරෙන බවයි.

වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව මෙම ආධාර මුදල ලබා දීමට නියමිත අතර වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කර ඇති ‘‘වැවිලි සවිය – ගමින් ගමට“ ව්‍යාපෘතිය යටතේ මෙම ආධාර මුදල් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ ශක්ති අරමුදල මගින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බව අමාත්‍ය අබේවර්ධන මහතා පැවසීය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 5500 ක පිරිසක් සඳහා මෙලෙස ආධාර මුදල් පිරිනැමීමට නියමිතය.

පූර්ණ හානියට පත් තේ වතු හිමියන් 1453 ක් ඇතුළු කුඩා තේවතු හිමියන් 5500 ක පිරිසක් මෙහි දී ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් සපුරා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර ගංවතුරෙන් සිදුව ඇති හානිය තක්සේරු කිරීමෙන් පසු රුපියල් 1500.00 සිට රුපියල් 600,000.00 දක්වා වන්දි මුදල් පිරිනැමීමට රජය සූදානම් බව ද පැවසීය.

මෙම වන්දි මුදල් පිරිනැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ ශක්ති අරමුදලේ සභාපති විජේරත්න වෙලගෙදර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version