මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී නැහැ – ජනපති

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමින් ප්‍රකාශ කළේ,

මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නැති බවයි. සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුවීමයි.

ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනපති පෙන්වා දුන්නේය.

Exit mobile version