ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ජනපති දෙදෙනා අතර නිල හමුව

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි  ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති සහ එම මැතිණිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.
දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
Exit mobile version