බැදුම්කර වාර්තා සහ වංචා, දූෂණ වාර්තාව පෙබරවාරි 20, 21 යන දිනයන්හී විවාදයට

පක්ෂනායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

බැදුම්කර වාර්තා සහ බරපතල වංචා හා දූෂණ වාර්තාව පෙබරවාරි 20 ,21 යන දිනයන්හී විවාදයට ගැනීමටත්, පාර්ලිමේන්තුවේ නව ආචාර ධර්ම සංග්‍රහය සහ ස්ථාවර නියෝග පිළිබඳ පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීමටත් එහිදී සාකච්ඡා වී තිබේ.

ඉහත වාර්තා දෙක සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ එළබෙන සතියේදී පක්ෂ නායකයන් කැදවා කරුණු පැහැදිළි කිරිමට තමන් අපේක්ෂා කරන බව ගරු ජනාධිපතිතුමා තමා වෙත දන්වා ඇති බවද කතානායකතුමා විසින්  පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.

Exit mobile version