තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද ගණන් කිරීමට සමගාමිව සිදු කරනවා – මහින්ද දේශප්‍රිය මහතා

පෙබරවාරී 10 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම සෙසු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට සමගාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ලබන පෙබරවාරී 09 වැනි දින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද මධ්‍යස්ථානයට යැවෙන නමුත් එකී තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කර ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීම සිදු කෙරෙන පෙබරවාරී 10 වැනි දින ප.ව. 4.00න් අවසන් වීමෙන් පසු සිදු කෙරේ.

Exit mobile version