මුද්දර කාර්යාංශ උප කවුළුවක් ලබන 30 මීගමුවේ විවෘත කිරීමට නියමිතයි

සංචාරක ආකර්ෂණීය ප්‍රදේශවල මුද්දර කාර්යාංශ උප කවුළු පිහිටුවීමේ වැඩසටහන යටතේ පිහිටුවනු ලබන හත්වන මුද්දර කාර්යාංශ උප කවුළුව තැපැල්පති රෝහණ අභයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වැනි දින මීගමුව තැපැල් කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිතය.

මීගමුව ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට මෙන් ම දේශීය මුද්දර එකතුකරන්නන්ට මේ ඔස්සේ මුද්දර මිලදී ගැනීමට අවස්ථාවට සැලසෙනු ඇත.

Exit mobile version