රජයේ අනවශ්‍ය මැදිහත්වීම් ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකියි

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

 

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අවශ්‍ය වන්නේ පහසුකම් හා නිපුණතා සංවර්ධනයට සහය වීම බවයි.

රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

රූපලාවන්‍ය හා කේෂාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 90000 ක් පමණ රටපුරා පවතින බවයි.

ලක්ෂ හතරහාමාරකට අධික පිරිසක් එම මධ්‍යස්ථවල සේවය කරන අතර ඉන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15කි.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පැවසුවේ, එම පිරිස බැඳීම්වලට ලක් නොකර ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට නිලධාරීන්ට දායක වන ලෙසයි.

Exit mobile version