Home ව්‍යාපාරික පුවත් ආහාර සුර­ක්ෂි­ත­තාවට නව පස් අවුරුදු ආධාර වැඩසටහනක්

ආහාර සුර­ක්ෂි­ත­තාවට නව පස් අවුරුදු ආධාර වැඩසටහනක්

0
ආහාර සුර­ක්ෂි­ත­තාවට නව පස් අවුරුදු ආධාර වැඩසටහනක්

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය 2018 සිට 2022 දක්වා නව පස් අවුරුදු ආධාර වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ ඒකාබද්දව ආරම්භ කිරීම සඳහා සැලසුම් ‍කර ති‍බේ.

2025 දැක්ම නව රටක් සඳහා වන රජයේ වැඩසටහන් සැලසුමට අනුව, ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන, 2018-2022 වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමද එකඟතාව වී ඇත.

ආහාර, පෝෂණ සුරක්ෂිතතාව සහ ආදායම් උත්පාදනය සඳහා නිසි අයුරින් ආහාර නිෂ්පාදන දායකත්වය ඉහළ නැංවීමටද මෙමඟින් අපේක්ෂා කරයි. දේශගුණික විපර්යාසයන් සැලකිල්ලට ගනිමින් ස්වභාවික සම්පත් වැඩි වශයෙන් තිරසාර ලෙස කළමනාකරණයකර නවෝත්පාදනයන් අැතිකිරීමට මේ අනුව කටයුතු කරනු ඇත. විරැකියාවට හා දුප්පත්කමට පිළියම් සෙවීමටද මෙහි තවත් අරමුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version