රුසියාවේ කොරෝනා මරණ 9000 ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් රුසියාවේ පුද්ගලයින් 9,000කට අධික පිරික් මියගොස් තිබේ.

 

ඊයේ දිනය තුළ පමණක් එරට වෛරස ආසාදිතයින් 104 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 9,073ක්.

රුසියාවෙන් මේ වන විට වෛරස ආසාදිතයින් හය ලක්ෂ 34,437 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වන විට රුසියාවේ ආසාදිතයින් තුන් ලක්ෂ 99,087 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

Exit mobile version