ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (29) මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට එම පිරිස පැමිණි බව වාර්තා වේ.
මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.