Home දේශීය පුවත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට අනන්‍යතාව තහවුරු කළ යුතුයි

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අනන්‍යතාව තහවුරු කළ යුතුයි

0
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අනන්‍යතාව තහවුරු කළ යුතුයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා තම අනන්‍යතාව තහවුරු කිරිමේ ලියවිල්ලක් අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

 

ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත භාවිතා කළ හැකි බව එම කොමිසම සඳහන් කළේය.

මීට අමතරව රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා භාවිතා කළ හැකිය.

ඡන්ද දායකයෙකු විසින් තැපැල් ඡන්දය භාවිතා කිරිම සඳහා රාජකාරි හැඳුනුම්පත භාවිතා කරන්නේ නම් ඔහුගේ අනන්‍යතාව පරික්ෂා කර එය සහතික කිරිම, නිළධාරි කාර්යාලවල කටයුතු අධීක්ෂණය කිරිම සඳහා පත් කර ඇති නිළධාරියා විසින්  සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ඒ සම්බන්ධයෙන් තැපැල් ඡන්ද කටයුතු ආරම්භ කිරීමට පෙර සහතික  කිරිමේ නිළධාරින් දැනුවත් කළ යුතු බව ද එම කොමිසම සඳහන් කළේය.

එසේ නොවන අවස්ථාවන්හි තැපැල් ඡන්දය භාවිතා කිරීමට රාජකාරි හැදුනුම්පත භාවිතා කිරිමට අවසර හිමි නොවන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version