මත් ජාවාරම්කරුවන් සමග සම්බන්ධ නිලධාරින් සෙවීමට පොලිස් කණ්ඩායම් 3 ක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.

 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව අද (01) සවස පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය දා අත්අඩංගුවට පත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී මුදල් සහ වෙනත් දේපළ ද සොයා ගන්නා ලදි.

නමුත් මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

Exit mobile version