Home දේශීය පුවත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

0
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

 

එම කාර්යංශයේ අධ්‍යක්ෂධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා ස්ථාන මාරුකිරීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සිදුකළ වැටලීම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සුදුස්සෙකු අනුයුක්ත කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙම නව පත්වීම ඒ අනුව සිදු කර තිබේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ද පසුගියදා සුභසාධන කොට්ඨාශය වෙත ස්ථාන මාරු කළ අතර එම ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ. අපෝන්සු මහතා පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version