උසස් පෙළ දිනය තීරණයට ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මත විමසීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පාසල් ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අදහස් විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ හෙට දිනයේ පාසල්වලට උසස් පෙළ සිසුන් පැමිණීමෙන් පසුව මෙම අදහස් විමසීම සිදුකිරීමට තීරණය කර ඇති බවය.

ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ ජනතාවගෙන් ද උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත දිනය සම්බන්ධයෙන් මතය විමසීම මේ වන විට සිදුකරනු ලබයි.

සැප්තැම්බර් 07 වන දින උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති අතර එම දිනය වෙනස්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව ලබන 10 වන දිනට පෙර අවසන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

Exit mobile version