ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
තුර්කියේ ශෙඩාන් නුවර සිට මෙම නාවිකයින් පිරිස මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බවයි ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
මත්තලට පැමිණි නාවිකයින් පිරිස ගුවන්තොටුපලේ දී පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ.
ගාල්ල වරායේ නවතා ඇති නැවක දැනට සේවය කළ නාවිකයින් 27 දෙනෙකු රැගෙන අද දිනයේ යළිත් අදාළ ගුවන්යානය තුර්කියේ ශෙඩාන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.