සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කර ඇත.

පසුගිය ජූනි මස 10 වන දින පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් ඉදිරිපිටදී සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

අද දිනයේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවන් තිදෙනෙක් කැඳවා ඇති අතර එහිදී සැකකරුවන් 7 දෙනෙක් හඳුනා ගෙන ඇත.

Exit mobile version