හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරයි

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු එම හෝටලය තුළ දී ඝාතනය වී තිබේ.

 

මේ සම්බන්ධයෙන් අද(07) අලුයම පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වයසැති අයෙක් බව සඳහන්.

මොහු නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී හමු වී ඇත.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇත.

Exit mobile version