ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් තැපැල් ඡන්ද දායකයින්ට බෙදා හරිමින් සිටි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා ඇය විසින් මුද්‍රණය කරන ලද ඒවා බවත් ඊයේ (25) දිනයේදි ඇයව අත්අඩංගුවට ගත් බවයි කිලිනොච්චිය පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version