රජය නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇතැයි යන පුවත අසත්‍යයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සිය “ට්විටර්” ගිණුමේ සටහනක් තබමින් රජය විසින් දින 03ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සදහන් කර තිබේ.

 

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එලෙස නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ, කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පිළිබඳ මේ වන විට අසත්‍යය ප්‍රචාර පැතිර යන අතර එවැනි අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසය.

කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version