ප්‍රධාන අපරාධකරුවන් සැගවෙන ස්ථානය පාර්ලිමේන්තුව – අනුර

රටේ සිටින ප්‍රධානතම අපරාධකරුවන් සැගවෙන ස්ථානය පාර්ලිමේන්තුව බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

රටේ ජනතාව පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දෙස ද්වේශ සහගතව බැලීමට හේතු වී ඇත්තේ ද මෙය බවයි ඒ් මහතා පවසන්නේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් ජනතා ඡන්දයෙන් පැමිණ ඇති බවත් බැවින් එහි වගකීමක් ජනතාවට ද ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version