කොරෝනා පාලනය කර ගැනීමේ අවස්ථාව ගිළිහී යා හැකියි – වෛද්‍ය අනිල් ජාසිංහ

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරිය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ යම් නෛයිතික රාමුවකට යොමු නොවී මෙම තත්ත්වයක හොඳින් පාලනය කර ගැනීමේ අවස්ථාව ගිළිහී යා හැකි බව ඔහු පැවසීය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින පුද්ගලයින් මෙන්ම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බන්ධනාගාරවලට මාරුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විටත් අවශ්‍ය කටයුතු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයින් ඇතුළු සේවකයින් සහ කඳවුරේ සිටි රැඳවියන් බැලීමට පැමිණි අය හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට යොමුකර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version