බැංගලෝර් නගරය අද සිට සතියක කාලයක් වසයි

ඉන්දියාවේ තුන්වන ජනාකීර්ණම නගරය වන බැංගලෝර් නගරය අද (13) රාත්‍රියේ සිට සතියක කාලයක් සඳහා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

 

වසංගතයෙන් ලොව තුන්වෙනියට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 879, 487ක්.

ඉන්දියාවෙන් මේ වන විට කොවිඩ් මරණ 23, 194ක් වාර්තා වී ඇත.

සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 554, 429ක්.

මේ අතර, සුප්‍රකට බච්චන් පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම ඊයේ (12) ලොව පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් බවටද පත්විය.

වෛරසය ආසාදනයවූ තම බිරිඳ වන අයිශ්වර්යා රායි සහ දියණිය ආරාධ්‍යා නිවසේදී ම ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවත් මව ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන්ට වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණවලින් හෙළි වූ බවත් බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

Exit mobile version