කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීම සම්බන්ධ කමිටුවේ අතුරු වාර්තාවක් අද අගමැතිට

දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ අතුරු වාර්තාවක් අද අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ.

 

කමිටු සාමාජික පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහතා සඳහන් කළේ, අතුරු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවයි.

කමිටුව පසුගිය සෙනෙසුරාදා ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළේ ය.

කුරුණෑගල , බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, මොණරාගල, බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

Exit mobile version